Tuesday, February 28, 2012

බුදු දහම හා මනස

                                                     මම මුලින් ලිව්ව ලිපිය ටික දෙනෙක් හරි බලපු එක මට ගොඩක් වටිනවා. ඒ අයට ස්තුති. මාව මේ ගමනට උනන්දු කල කල්හාර මල්ලිටත් ස්තුති කරන්න ඕනි විශේෂයෙන්ම. නොදන්නා දෙයක් කියා දෙන්නේ පෙන්නා දෙන්නේ කල්‍යණ මිතුරෙක්. ඒ නිසා මම ඔහුට ස්තුති කරනවා එකට. ඔබත් කැමතිද ඒ වගේ කෙනෙක් වෙන්න. මගේ මිළග ලිපිය ඒ හා සම්බන්දයි

 බුදු හාමුදුරුවො එකත් ඉතා ලස්සනට පෙන්වා දෙනවා මේ ගාථා කොටසින්.

                                  මනසා චෙ පසන්නෙන භාසතිවා කරොති වා

                                           ඒ කියන්නේ පසන්න මනසින් යමක් කියයිද කරයිද එය සැප පිණිස හේතු වෙනවා. මම මතක් කලොත් ඔබේ කුඩා කාලය. ඒ තාලේ හරිම ආසනේ පංතියේදි හොදම ළමයා වෙන්න. පොත පිරෙන්න ලොකු හරියක් දුන්නාම ගෙදර යනකම් ඉවසිල්ලක් නැහැ . ඒ පාසල් කාලේ. අපි දැන් ලොකු අය වේලා .
                                                         දැන් අපි ‍ඒ වගේ හරියක් ගන්න ඕනි කාගෙන්ද අප ජිවත් වෙන සමාජයෙන්.අප ජිවත්වෙන නිවෙසේන් ගෙදර වටපිටාවෙන්.
                                                                ඒ නිසා අපි නිවැරැදි මිනිසුන් වෙන්න ඕනි. එහෙම උනාම හැමෝම අපිට ස්තුති කරනවා . ටිකක් හිතලා බලන්න. තරුණ ඔබ බොන කෙනෙක් නම් කිසිම කෙනෙක් ඔබව ඇසුරු කරන්න කැමතිද. ඔබට ටික දෙනෙක් කැමති වෙයි මේ සාමාජය කුඩු කාරයෙක් හොරෙක් දෙස බලන් විදිහ . ඒ තුලින් උවත් කවුද ඔබත් එක්ක ඉන්නේ  ඔබේ අතේ තියෙන මුදලින් ඔබත් එක්ක බොන අය. ඔබේ අතේ මුදල් හිග වෙනකොට ඒ අයත් අයින් වෙනවා. ඒ නිසා අපි නිතරම උත්සහා කලයුත්තේ ටික දෙනෙකුට අවශ්‍ය පුද්ගලයෙක් වෙන්න නොවේ සියලු දෙනාටම අවශ්‍ය පුද්ගලයෙක් වෙන්න. එසේ නම් ඔබ යහපත් මනසින් හා යහපත් සි‍හියෙන් කටයුතු කරන අයකු බවට පත් වෙන්න .ඕනි ඒක හරියට සෙවනැල්ල වගේ කිසිම බරක් ඔබට දැනෙන්නේ නැහැ. ඔබව හැර යන්නේත් නැහැ. ඒ වගේ ඔබට ගැටලුවක් වු විට ගොඩ දෙනෙක් ඔබත් එක්ක ඉදිවි.
                                                ඒ නිසා ඔබට අනුන් අවශ්‍ය  නොවි      අන්‍යයන්ට ඔබව අවශ්‍ය පුද්ග‍ලයෙක් ලෙස සාමාජය තුල ස්ථාවරයක් ගොඩනගා ගත් පුද්ගලයෙක් වෙන්න ඕනි .ජිවිතය ගොඩ නගා ගැනිමේදි අප නිතරම කල්පනා කල යුත්තේ මේ මුලු සාමාජයටම යහපතක් කරන පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියලා.එය කිරිම ඉතා පහසුයි . යහපත් මනසින් කුමක් කලත් එය අන් අයගේ ගෞරවයට හේතුවක් වෙනවා අන් අයගේ පැසසුමට හේතුවක් වෙනවා. ටිකක් හිතලා බලන්න ඔබ ජිවිතයේ  ගොඩක් සතුටු උන දවස. ඒත සියලු දෙනාගේම පැසසුම හේතු වු කරුනක් වු හැටි . ඔබ ගොඩක් දුක් වුන දවස ඒක සියලු දෙනාගේම අපූසාදයට ලක් වු හැටි . දැන් ඔබට තේරුම් යන්න ඕනි බුදුහාමුදුරුවෝ දේශනා කල දහම
                                           මනසා චෙ පසන්නේන භාසති වා කරොති වා
ඒ නිසා අද අපි කතා කලේ  මනසා චෙ පදුඨටෙන භාසති වා කරොති වා යන බුදු වදන හා ඉහත සදහන් බුදු වදන ගැන. තරුණ ඔබ දුක පොදි බැදගෙන යන්නේ නැතිව සතුට කරපින්නාගෙන යන තරුණ දුවෙක් පුතෙක් වන්න නිතරම උත්සහ කරන්න. මගේ පිං පොතෙන් මම සැනසෙන්නේ එවිටයි මේ කවුලුවෙන් එක පුතෙක් එක දුවෙක් නිවැරදි වෙනවානම් එක මගේ උත්සාහයේ සතුටයි ඒ සතුට මම විදින්නේ පංසල හන්දියේ කල්හාර සමගයි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

3 comments:

  1. යහපත් මනස සහ යහපත් සිහිය කියන්නෙ මොකක්ද කියන කාරණා පිළිඹඳව වැඩිපුර විස්තරාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් නම් වටිනව හාමුදුරුවනේ...

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවෝ දේසනා කරන ලද දහමට අනුව මෙම කරුන ගැන දිගු විස්තරයක් කරන්න පුලුවන් එත් සැමගේ අවබෝධය පිණිස සරල දේයකින් එක පැහැදිලි කරන්නම් එහිදි ඔබ දන්වා ඇති අපිට හමුවෙනවා සම්මා සමාධි සම්මා සති කියලා කාරනා දෙකක් එහිදි සම්මා සමාධි කියන්නේ සෝවාන් ආදි මාර්ග ඵල වලට එලබෙන්න පුලුවන් ආකාරයට සිත එකග කර ගැනිම සම්මා සමාධියයි එය කාටවත් වෙනස් කරන්න පුලුවන් දෙයක් නොවේ බෝසතානන් වහන්සේ බුදුබව ලබන අවස්තාවේ මාර දිව්‍ය දුවරු ඇවිත් බුදු හාමුදුරුවන්ගේ මනස වෙනස් කරන්න උත්සහ කලා ඒත් එහෙම උනේ නැහැ බුදු හාමුදුරුවන්ගේ මනස සම්මා සමාධි තත්වයට පත්වෙලා ඒතකොට සමහර විට ඔබ මගෙන් අහන්න පුලුවන් එහෙම නම් හාමුදුරුවනේ නරක වැඩවලට සිතේ එකග කමත් සමමා සාමාධියට ගන්න බැරිද කියලා ඒක මිච්ඡා සමාධිය ලෙස හදුවන්වන්නේ.වැරදි කියාවන්ට හිත එකග කරගැනිම.
      එහෙත් සිහිය කියන්නේ මේ අවස්ථාවේ අපි මුහුන දෙන ගැටලු හදුනාගෙන එයට නිවැරදි ආකාරයට පිළිතුර ලබා ගැනිම. ඔබ මහපාරේ ගමන් කරන විට වාහනයකින් ඔබ අදාල නැති මං තිරුවේ ගමන් කලොත් ඔබ විශාල කරදරයක වැටෙනවා .ඒක ඔබ දන්නාවා. දන්න නිසා තමන්ගෙ තිරුව හදුනාගෙන ඒකේ ගමන් කරනවා. එත් කලබල අවස්ථාවක ඔබ නිවැරදි මාර්ග කුමක් උවත් තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවන අයුරින් එසේ නොමැති නම් ගැටලුවක් පැමිණි විට කලබල නොවි නිවැරදි තිර්ණ ගෙන කටයුතු කිරිමට ඔට ඇති හැකියාව එයට ඔබ දක්ෂ විම ඔබේ යහපත් සිහිය ලෙස මම දකිනවා අපි නිතරම එකක් කරමින් තව දෙයක් සිතනවානේ. කැම කන ගමන් කතා කරනවා නොයෙක් දේ ගැන හිතනවා. ඇස් කණ්නාඩිය පැලදගෙන එය හොයනවා එක තමන් පැලදගෙන ඉන්නේ කියලා සිහියක් නැහැ. තම ආදරවන්තිය සමග රේල් පාරේ යන විට පස්සෙන් එන දුම්රියේ හඩ නොහැසෙනව නම් ඔබට ඒ අවට පිළිබද තමන් යන්නේ කොහේද කියලා තමන්ට සිහියක් නැහැ තමන් කිසියම් කාර්යයක් කරන විට ඒ කාර්යයට අදාල සැම දෙයක් පිලිබදවම තියෙන් අවදානය සිහියයි බස් රථ රියදුරෙක් බසය ගෙන යන විට පැති කණ්නාඩි දෙකම බලනවා ඉදිරිය බලනවා පිටුපස බලනවා දොරටුව බලනවා නගින බහින අය ගැන බලනවා මේ සියලු දේටම යහපත් සිහියෙන් ඉන්න ඕනි එසේ ‍නැති උකොත් ගමන මග.

      Delete
    2. මිච්ඡා සමාධිය කියන කාරණය ගැන තමයි දැනගන්න උවමනා වුනේ... බොහොම ස්තූතියි...

      Delete