Wednesday, February 29, 2012

කෝපය හා තරුණ මනස

සිත හා බැදුනු තවත් ගතියක් 

බැනිම් පැහැරගැනිම්  හා පහරදිම් යන කරුනු සිතේ තබා ගැනිමේන් වෛරය නොසන්සිදේ.එබැවින් සිත තුල තියෙන සිතුවිලි පිළිබද බුද්ධ දේසනාව  විමසිමෙන් සිතේ පවතින මෙම නොසංසුන් කම නැති කර ගත හැකිය.මෙවැනි තත්වයකට අපව ලක් වුවොත් අපේ සිතේ තියෙන්නේ මට උන ලැජ්ජාව මට උන පාඩුව වහගන්න නම් වාඩුව ගන්නම ඕනි කියලා 
                              එත් බුදු හාමුදුරුවෝ දේසනා කරන්නේ මට උන දේ නිතර නිතර සිතිමෙන් සිත නොසංසුන් වන බවයි . ඔබව සතෙක් හපා කැ පමණින් ඔබ ඒ සතාව හපා කනවද ඒසේම ඔබට පාඩුවක් කල තැනැත්තා කවර තරාතිරමක අයෙක් උවත් තරහ සිතේ තබා ගැනිමෙන් වෙන්නේ පසුතැවිම පමණයි. අපේ පැරණි කියමනක් තියෙනවා අවි ගත්තො අවියෙන් නසි කියලා. අපගේ වරදක් නැතිව අපට පහරදිමක් බැනිමක් පැහැර ගැනිමක් වුවොත් එය අපට පාඩුවක් තමයි. ඒත් ඉවසිම තුලින් අපට ලොකු වාසියක් විය හැකිය එම නිසා බුදු හාමුදුරුවො දේසනා කරනවා 
                                          මිනිසෙක් වයසින් මහලු වුවාට පලක් නැත මිනිසෙක් ගුණවත් කමින් මහලු විය යුතුයි කියලා පුද්ගලයෙක් වයසට යන්නේ දින සති මාස අවුරුදු වලින්. එත් ‍එම මිනිසා තුල බුද්ධිය නොමැති නම් අවංක කම නොමැති නම් ඒ වයසට යාමේන්  ඇති පලක් නැහැ ඒත් තරුණයෙක් උවත් බුද්ධිමත් නම් අවංක නම් ඒ තරුණකම ඉතා උතුම් කියලා.
                                            ඒ නිසා සිතේ ඇතිවන මෙම තරහව නිසා එම තරහව හැමදාම සිතේ තියාගැනිම නිසා හිත පමනක් නොවේ අපේ ගතත් පිරිහෙනවා ඒ පිරිහිම තුලින් ම අප වයසට යනව නම් අපේ බුද්ධිමත් බවෙන් පලක් නොමැත .
 

No comments:

Post a Comment