Tuesday, February 28, 2012

අලුත් මාවතක් පෙන්නු මිතුරා

                                  මම මේ විෂයට හරිම ආගන්තුකයි. මාව උනන්දු කලේ පංසල් හන්දිය තුලින්  ඔබට හමුවෙන කල්හාර මල්ලි. මේ තුලින් කුමක් කල හැකිද කියලා සොයන්න කියලා මාව මේකට සම්බන්ද කලේත් ඔහුමයි.මට හිතුනා මගේ පිං පොත  තුලින් ඔබට ලියන්න.
                              ලියන්න හිතේ හුගක් දේවල් තියෙනවා කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැ.කොහොම උනත් කාටත් කියවා යමක් හිතන් දෙයක් ලියන්න ඔනිනේ.එ නිසා මට හිතුනා මුලින්ම තරුණ ඔබට අමතන්න.

බුදු දහම හා තරුණ මනස
                                                   මෙම කරුණ පිළිබද කතාකරද්දි අපිට හොදම කරුණු රැසක් බුදු දහම තුලින් කතාකරන්න පුලුවන්. උදාහරණ සහිතව කතා කිරිම තමයි  යමක වැදගත් කම වන්නේ. ඒ නිසා  ධම්මපදය කියලා සාර්ථක පොතක් අපිට තියෙනවා. මට හිතෙන විදිහට තරුණ සියලු දෙනා විසින්ම කියවිය යුතු පොතක් ලෙස මා එය දකිනවා.
එහි මුල්ම ගාථාව අපි අපේ කතාවට ගලප ගමු
                                           එහි සරල තේරුම වන්නේ පවට අපේ සිත හරිම කැමති. ඒ කැමැත්ත නිසා කරන සියලු කරුනු වලින් අපේ ජිවිතය පුරවා ගත්තේත් අපේ ජිවිතයට හැමදාම උරුම වන්නේ දුක පමනයි
                                          මේ සරල තේරුම අපි අපේ තරුණ ජිවිතයට ගලප ගමු. දැන් ඔබේ වයස  තරුණ වයසට ලංව ඇති එසේ නොමැතිනම් මුහුකුරා යන වයසක ඇති මෙතෙක් කල් ඔබ අත්විදි අත්දැකිම් ගෙන බැලුවොත් අද ඔබ කිසියම් කරුනක් නිසා පසු තැවෙනවනම් ඒ පසුතැවිමට හේතුව විමසා බැලුවද ඔබ. එය ඔබ විමසා බලා එයට හේතුවක් සොවිවද . ඒ හේතුව කොටස් දෙකකට වෙන් කලොත් ඔබ එය  සාධාරණය කරන්න හදන්නේ
                                                      මම ඒක කලේ තරුණ කම නිසා එසේ නැතිනම් නොදැනුවත් කම නිසා කියලද.
                                            ඒත් ඔබ හිතුවද මිනිස් සිතේ තියෙන ස්වභාවය එය තමයි අපි නිතරම කැමති ගැටෙන්න. ඒක පුද්ගලානුබද්ද වෙන්න පුලුවන් මතවාද වෙන්න පුලුවන්. එක තමයි මිනිස් සිතේ ස්වභාවය. එත් බුදුහාමුදුරුවො මෙකට හොද උදාහරණයක් දෙනවා  .
                                        මනසා වා පදුටෙඨන භාසති වා කරොති වා 
                                                               මේ ධර්ම පාඨය තුලින් මොකක්ද අප පෙන්නා දෙන්නේ. තරුණ මනසට පමණක් නොවේ ඕනැම පුද්ගලයෙකුගේ මනසට එන සිතුවිලි පිළිබද විස්තරයක් තමයි පෙන්නා දෙන්නේ එහි සරල තේරුම වන්නේ 
                                     අපිරිසිදු මනසින් කරන කියන සියලු දේ තුලින් උරුම වන දුක වේදනාව ගැන තමයි පෙන්වන්නේ.
                                           තරුණයෙක් වශයෙන් ඔබ ජිවත් වන මෙම කාලය තුල ඔබ යහපත් ගති පැවතුම් වලින් යුක්ත විය යුතුයි.තරුණ ඔබ ඔබේ මනස පිළිබද පාලනයක් ඇති කර ගත යුතුයි ඒ තුලින් ඔබට ඔබේ මුලු අනාගතය පිළිබද පුර්ව නිගමනයකට ඒම හැකිය.
                                          මන්ද ඔබ බුද්ධිමත් තරුණයෙක් විය යුතුයි . ඔබට මේ සමාජය දෙස බලා අනාගතය ගොඩනගා ගන්න තරම් ‍ඔබේ මනස තැන්පත් කර ගත හැකි අයෙක් විය යුතුයි. අද සමාජය දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටියොත් ඹබට පෙනේවි සමාජයේ අපහාසයට ලක් වු චරිත අපිට ඕනැතරම් දකින්න පුලුවන් බව.ඒසමාජ ගැටලුවට මුලික කරුණ වි ඇත්තේ තාරනා කිහිපයක් පමණයි එකක් තමයි තමන්ට තමන්ගේ මනස පාලන කර ගත නොහැකි කම. නිසා සිදුවු සිදුවිම්.එකට මේ සමාජය තුල ඇති වෙළද පොල ආර්ථිකයත් වගකිම බාර ගත යුතුයි කියලා මගේ හැගිම. තරුණ ඔබ එය තේරුම් ගත යුතුයි.                           
                                               මාර්ගයේ ඔබ ගමන් කරන විට දකින්න ලැබෙන සිංහ මුහුන ළගදි ඔබත් ඒ මුහුනට රැවටුන හොත් ඔබත් සිංහයෙක් වන්න උත්සහ කරන බව මම දන්නවා ඒත් ඔබ බුද්ධිමත් තරුණයෙක් නම් ඒ මුහුණට රැවටි ජිවිතය අඩාල කර ගත් තරුණ පිරිස් පිළිබද ඔබට සිහිවෙන්න ඕනි. ඒ පිරිස් විදින අපහස ගැරහුම් ඔබේ මනසට  එන්න ඕනි මනස තමයි ඔබව පාලනය කරන්නේ. සමාජය විසින් අද සමාජ පෞර්ෂයක් දිලා තියෙනවා මත්පැන් ටිකක් නොබන තැනත්තා කිසි කමකට නැහැ කියලා ඒත් ඔබ කෙතරම් උතුම් පුද්ගලයෙක්ද කාටවත් කරදරයක් නැතිව කාගෙවත් අයිතිය උදුරා ගන්නේ නැතුව කාගෙවත් නිදහසට බදා නොකර ඉන්න අයෙක් නම්.මත්පැන් බොන පුද්ගලායාගෙන් සාමාජයට ගෙදරට පවුලට තම දරුවන්ට තම  නිරෝගි කමට කර ගන්නා විනාශය කෙතරම්ද. ඒත් මනස ශක්තිමත් තරුණයා ඒ කිසි දෙකින් තමන්ගේ තරුණකම තමන්ගේ පෞරුශය විනාස කර ගන්නේ නැහැ.ඔබ මේ මොහොතේ ඔබේ මනස ශක්තිමත් කර ගතහොත් හැමදාම ඔබ ජයගනු නියතය. ඔබේ තරුණකමේ තියෙන ජවය ඔබේ මනස තියෙනවා නම් ඔබ ජයගත් පුද්ගලයෙක් වන එක කාටවත් වැලැක්විය නොහැකිය.
                                                     ඒ නිසා ‍මගේ පළමු මේ ලිපිය පිළිබද ඔබේ අදහස් මට දන්වන්න. මේ කවුලුව තුලින් කතා කල යුතු දේ පිළිබද මට කියන්න ඔබට සම්මා සම්බුදු සරණයි  

3 comments:

  1. දිගටම ලියන්න හාමුදුරුවනේ... ලේසියෙන් පන්සලකට යන්නෙ නැති මම වගේ අයට වටිනව මේ කරන්න යන වැඩේ...

    ReplyDelete
    Replies
    1. සාතන් මේ වචනයේ තේරුම මොකක්ද.තරුණයෙක් වශයෙන් තමන්ගේ අන්‍යන්තාව වටිනවා ගොඩක් පෞර්ෂය කියන්නේ තමන් කරන කියන දෙයට නේද.ඔනැම මිනිසෙකුගේ ආයතනයක වටින්නේ නම. උදාහරණයකට ගත්තෝත් අපි දන්න මාර්ටින් විකමසිංහ ගැන කතා කරන්නේ එයා කරපු දේ තුල ගොඩනැගුන නම නිසා. පංසල් පල්ලි යන්නම කියලා නියමයක් නැහැ ඒ සියලු දෙනා අප එක්ක මේ සමාජය තුලම ඉන්නවා. තරුණ මනසට එය අවබෝධ වන්නේ ටිකක් කරදර එන්න උනාම.ඒ නිසා සමාජය අවබෝධ කර ගත් තරමට ඔබේ වටිනාකම වැඩි වෙනවා

      Delete
  2. මේ ලියවෙන ක්‍රමය සිත් ගන්නවා හාමුදුරුවනේ.සරළව වගේම කෙටියෙන් . ඒක තමයි වෙන්න ඕනේ. බණපදයක් අහන්න මමත් නිතරම එන්නම්කෝ..

    ReplyDelete