Thursday, July 7, 2011

පිං පොතේ අදහස


පිංපොත යනුවෙන් මා අදහස් කළේ අපේ ජිවිත කාලය තුල අප විසින් කරනු ලබන යහපත් දේ පිළිබද ලියා තබා ඒ පිළිබද නැවත නැවත ආරවර්ජන කර ගැනිමට සලස්වන ලියවිල්ලක් ලෙසයි මන්ද අප කුමන දේ  සිදු කලත් එය කෙටි කලකින් අමතක කර වන බැවින් එය ලියා තබන එක යහපත් දෙයක් ලෙස මට වැටහුන නිසා එයට පිළියමක් ලෙස පිං පොත  අපේ ජිවිතයට අවශයම අංගයකි  පෙර විසු  රජවරැ තමන් විසින් කරනු ලැබු සැම ගොඩනැගිමක් පිළිබද මතු පරපුරට දැන ගැනිම පිණිස ගල් පුවරැ මත එය සටහන් කරනු ලැබුවා අද අප ඉතිහාසය ලෙස අධ්‍යනය කරනු ලබන්නේ එම පිං පොතයි ඔබත් කැමතිද මගේ පිං පොතට ගොඩවදින්න පිං පොතේ ලියා තැබිය හැකි මේ සම්බුද්ධ සාසනයට කල හැකි බොහො දේ ඔබටත් කල හැකි බව මා හොදටම දනිමි